රාජ්ය සේවයේ සුප්රතිපත්තීන් තහවුරු කිරීම, දූෂණ විරෝධී ක්රියාමාර්ග ශක්තිමත් කිරීම සහ මහජනතාවට කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුතු සේවාවක් ලබාදීමේ අරමුණින් උකුවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලය තුළ අභ්යන්තර කටයුතු ඒකකය ස්ථාපිත කර ඇත.
ඒකකයේ නිලධාරී මණ්ඩලය:ඒකකයේ නිලධාරී මණ්ඩලය:
ඒකක ප්රධානී: සහකාර ප්රාදේශීය ලේකම්.
සාමාජිකයන්:ගණකාධිකාරී, පරිපාලන නිලධාරීපරිපාලන ග්රාම නිලධාරී, මූලස්ථාන සමෘද්ධි කළමනාකරු
පැමිණිලි ඉදිරිපත් කිරීම:ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ අල්ලස්, දූෂණ හෝ යම් අක්රමිකතාවයක් සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් කොට්ඨාශයේ ජනතාවට පහත සඳහන් ක්රමවේද ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැක:
01. සෘජුව හමුවී භාරදීම: අභ්යන්තර කටයුතු ඒකක ප්රධානී වන සහකාර ප්රාදේශීයගේ නිල කාමරය වෙත පැමිණ ඕනෑම පැමිණිල්ලක් භාරදීම.
02. පැමිණිලි පෙට්ටිය යොමුකිරීම: කාර්යාලයේ විමසීම් කවුළුවට දකුණු පස පඩිපෙළ අසල තබා ඇති පැමිණිලි පෙට්ටියට පැමිණිලි බහාලීම.
03. දුරකථන මාර්ගයෙන්: 0662242628.
04. විද්යුත් තැපැල් ලිපිනය: இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
රාජ්ය සේවයේ ගෞරවය හා විනිවිදභාවය සුරැකීම සඳහා ඔබේ සහයෝගය අපේක්ෂා කරමු.
















