24 වගන්තිය යටතේ කල්ගතවූ උපතක් ලියාපදිංචි කිරීම සහ අනුමාන වයස් සහතික නිකුත් කිරීම
01. 24 වන වගන්තිය යටතේ ප්‍රකාශ පත්‍රය
02. උපත ලියාපදිංචි වී නොමැති බවට ලේඛණ සෙවීමේ ප්‍රතිඵලය
03. පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය ඇතුලත් පහත සඳහන් ලියකියවිලි වලින් එකක්
- රෝහල් උපත් වාර්තාව හෝ එහි සහතික කල පිටපතක්
- ග්‍රාම නිළධාරී වාර්තාව හෝ එහි සහතික කල පිටපතක්
- වතු උපත් වාර්තාව හෝ එහි සහතික කල පිටපතක්
- වින්නඹු මාතාවගේ උපත් ලේඛණයේ පිටපතක්
04. ඉහත (03) ඡේදයේ ලියවිල්ලක් නැතිනම් ඒ වෙනුවට පහත සඳහන් ලියවිලි වලින් එකක්
- උපත සිදුවූ දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය
- සෞඛ්‍ය වර්ධන සටහන
- බෞතිස්ම සහතිකය
- විෂය මුල්වරට පාසල ඇතුලත් කිරීමේ ලේඛනයේ සහතික කල පිටපතක්
- ශිෂ්‍ය කාර්ය දර්ශනය
- වතු සුභසාධක නිලධාරීගේ වාර්තාව
05. දෙමාපියන්ගේ විවාහ සහතිකය
06. දෙමාපියන්ගේ උප්පැන්න සහතිකය
07. බාල / වැඩිමහල් සහෝදර සහෝදරියන්ගේ උප්පැන්න සහතික
08. දෙමාපිය ජාතික හැඳුනුම්පත් (ග්‍රාම නිලධාරී විසින් සහතික කල)
09. නමෙහි වෙනසක් තිබේ නම් දිවුරුම් ප්‍රකාශයක්
(මුද්දර ගාස්තුව :- ප්‍රකාශ පත්‍රයට රු. 60.00 ක් මුදලින් ගෙවිය යුතුය)
27 වගන්තිය යටතේ උප්පැන්න සහතිකයේ නම වෙනස් කිරීම ඇතුලත් කිරීම
01. ඉල්ලීම් ලිපිය
02. අදාළ අයදුම්පත
03. අයදුම්පත ඉදිරිපත් කල යුතු ආකාරය
- වයස අවුරුදු 21 ට අඩුනම් මව / පියා / භාරකරු විසින්
- වයස අවුරුදු 21 ට වැඩි නම් ඉල්ලුම්කරු විසින්
- වයස අවුරුදු 7 ට අඩු අය වෙනුවෙන් අයදුම්පත සමග මව / පියාගේ විවාහ සහතික,උප්පැන්න සහතිකය,ජාතික හැදුනුම්පත් පිටපත්,පදිංචි සහතිකය,දිවුරුම් ප්‍රකාශය
වයස අවු:7 ට වැඩි අය සංශෝධනයට ඉල්ලා සිටින නම භාවිතා කළ බවට පහත සාධක හැකි තරම් ඉදිරිපත් කරන්න
- ශිෂ්‍ය කාර්ය දර්ශකය
- ග්‍රාම නිලධාරී වාර්තාව (ප්‍රා.ලේ. අනු අත්සන කළ යුතුය)
- සහෝදරයන්ගේ නම් හා උප්පැන්න සහතික ලැයිස්තුව
- දිවුරුම් ප්‍රකාශය
- ජන්ද නාම ලේඛනයක උධෘතයක්
- පුවත්පත් දැන්වීම් ( අවම වශයෙන් වසරක් පැරණි විය යුතුයි.)
- විවාහක නම් විවාහ සහතිකය හා දරුවන්ගේ උප්පැන්න සහතික
- බැංකු ගිණුම් පොතක්
- ඹප්පු (සංශෝධනය කළ යුතු නම සදහන්)
- ජාතික හැදුනුම්පත් පිටපත
- සංශෝධනය කළ යුතු නම සදහන් අදාල වේ යැයි හැගෙන ලියකියවිලි
(මුද්දර ගාස්තුව :- ප්‍රකාශ පත්‍රයට රු. 60.00 ක් මුදලින් ගෙවිය යුතුය)
52(1) යටතේ උප්පැන්න ලේඛනයක ඇතුලත් විස්තර නිවැරදි කිරීම
උප්පැන්න ලේඛනයක
- උපන් දිනය
- උපන් ස්ථානය
- ස්ත්‍රී පුරුෂ භාවය
අවශ්‍ය ලියවිලි
- දරු නාමාවලිය /සහෝදර නාමාවලිය
- මවගේ උප්පැන්න සහතිකය
- අරෝග්යශාලා,මාතෘ නිවාස වල ඇති සටහන් වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත්
- ශිෂ්‍ය කාර්ය දර්ශනය,ළමයින් ඇතුළත් කිරිමේ ලේඛනයේ උපුටනය
මවගේ උපන්දිනය ඇතුළත් කිරිමේ දී ඇයගේ උප්පැන්නයෙන් ඒ බව සනාථ නොවන විට වෙනත් දරුවකුගේ උප්පැන්නයක් සහ මවගේ හැදුනුම්පත - ග්‍රාමසේවා සහතිකය
- දිවිරුම් ප්‍රකාශය
- පදිංචි සහතිකය
ප්‍රකාශ පත්‍රයට සංශෝධනයට අපේක්ෂිත උප්පැන්න ලේඛනයේ සහතික කල පිටපතක් අනිවාර්ය වේ.
(මුද්දර ගාස්තුව :- ප්‍රකාශ පත්‍රයට රු. 60.00 ක් මුදලින් ගෙවිය යුතුය)
27 (ආ) වගන්තිය යටතේ උප්පැන්න ලේඛනයක විස්තර වෙනස් කිරිම,ඇතුළත් කිරිම, අත්හැරිම
පියාගේ තොරතුරු/විවාහක,අවිවාහක බව/මුත්තාගේ තොරතුරු/මීමුත්තාගේ තොරතුරු
අවශ්‍ය ලියවිලි
- මවිපියන්ගේ විවාහ සහතිකය
- දරු නාමාවලිය /සහෝදර නාමාවලිය
- පියාගේ/මවගේ උප්පැන්න සහතිකය
- මවිපියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්නයක්
- ඒසේ නැතිනම් විෂය වු දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්නය
- අරෝග්යශාලා,මාතෘ නිවාස වල ඇති සටහන් වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත්
- ශිෂ්‍ය කාර්ය දර්ශනය,ළමයින් ඇතුළත් කිරිමේ ලේඛනයේ උපුටනය
- විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක්
- පියා මියගොස් ඇති විටෙක ඹහුගේ මරණ සහතිකය
- දිවිරුම් ප්‍රකාශය
- පදිංචි සහතිකය
ප්‍රකාශ පත්‍රයට සංශෝධනයට අපේක්ෂිත උප්පැන්න ලේඛනයේ සහතික කල පිටපතක් අනිවාර්ය වේ.
(මුද්දර ගාස්තුව :- ප්‍රකාශ පත්‍රයට රු. 60.00 ක් මුදලින් ගෙවිය යුතුය)
36 වගන්තිය යටතේ කල්ගිය මරණයක් ලියාපදිංචි කිරීම
පහත සදහන් ලියකියවිලි සමිපුර්ණ කර ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.
- ඉල්ලීම් ලිපිය
- අදාළ අයදුම්පත
- මරණය ලියාපදිංචි වී නොමැති බවට හිස් ප්‍රතිඵල ලේඛනය
- ග්‍රාම නිලධාරී විසින් නිකුත්කළ පදිංචි සහතිකය
- රෝහලක මිය ගියේ නම් රෝහල් මුල් ලේඛනයේ පිටපතක්
- නිවසේ මිය ගියේ නම් ග්‍රාම නිලධාරී විසින් නිකුත් කළ මරණ වාර්තාවේ මුල් පිටපත
- වත්තක මිය ගියේ නම් වතු මරණ වාර්තාවේ මුල් පිටපත
මරණාධාර සම්තියේ ලිපි - ශෝක ප්‍රකාශ / මරණ දැන්විම් වැනි දෑ
- මිනී පෙටිටිය මිලදී ගත් රිසිටි පත /මල් ශාලාවෙන් ලබාගත් ලිපි
ආගමික වතාවත් කළ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ / පල්ලියේ පුජකතුමාගේ ලිපි - සහභාගි වු අසල්වැසියන්ගේ ලිපි
- ප්‍රකාශකගේ ජාතික හැදුනුම්පතේ පිටපතක් (ග්‍රාම නිළධාරි සහතික කල)
(මුද්දර ගාස්තුව :- ප්‍රකාශ පත්‍රයට රු. 60.00 ක් මුදලින් ගෙවිය යුතුය)
52(1) වගන්තිය යටතේ මරණ ලේඛනයක ඇතුළත් විස්තර නිවැරදි කිරිම
මරණ ලේඛනයේ ලියාපදිංචි කිරිමේ දිනය හැර අනෙකුත් සියළුම තොරතුරු
අවශ්‍ය ලියවිලි
- මරණ දැන්විම්/ශෝක ප්‍රකාශ
- ආගමික කටයුතු කිරිමට අදාළ ලිපි
- සංශෝධනයට අපේක්ෂිත මරණ ලේඛනයේ සහතික කල පිටපතක් අනිවාර්ය වේ.
- අවමංගල්‍යධාර සමිතිවල ලිපි
- ප්රකාශකයාගේ දිවිරුම් ප්‍රකාශය
- ප්රකාශකයාගේ පදිංචි සහතිකය
- ප්රකාශකයාගේ ජාතික හැදුනුම්පතේ පිටපතක්(ග්‍රාම නිළධාරි සහතික කල)
- මියගිය බව තහවුරු කළ හැකි වෙනත් ලියවිලි(ග්‍රාම නිලධාරී වාර්තා,රෝහල් වාර්තා,වතු වාර්තා)
(මුද්දර ගාස්තුව :- ප්‍රකාශ පත්‍රයට රු. 60.00 ක් මුදලින් ගෙවිය යුතුය)














