නියාදන සාදන පත්‍රයේ පසු උරුමය නම් කිරීම
ඉදිරිපත් කළයුතු ලිපි ලේඛන
- නියාදන සාදන පත්‍රයේ ඡායා පිටපත
- නියාසන සාදන පත්‍රයේ පත්ඉරු සටහන ( මාස 03ක් ඇතුලත විය යුතුයි.)
- පසු උරුම කරුවන්ගේ / මුල් උරුමකරුවන්ගේ ඉල්ලීම් ලිපිය
- පසු උරුමය නම් කර ඇත්නම් නමි කරන ලද ආකෘතිය
- ඉල්ලුම්කරු දරුවෙක් නම් මුල් උරුමකරුගේ උප්පැන්න සහතිකයේ මුල්පිටපත
- ඉල්ලුම්කරු කලත්‍රයා නම් / මුල් උරුමකරුගේ විවාහ සහතිකයේ මුල් පිටපත
- නම්වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශය
- නියාදන සාදනපත්රකරුගේ හා කලත්‍රයාගේ මරණ සහතිනසේ මුල් පිටපත
- කලත්‍රයා මුල් උරුමය ඉල්ලා සිටින්නේ නම් වෙනත් විවාහයක් කර නොමැති බවට දිවුරුම් ප්‍රකාශයක්
නියාදන සාදන පත්‍රයේ අනුප්‍රාප්තිකයෙකු නම් කිරීම
ඉල්ලුම්පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
- නියාදන සාදන පත්‍රයේ ඡායා පිටපතක් ( ග්‍රාම නිලධාරි විසින් සහතික කළ යුතුය)
- පත් ඉරු සටහන ( සාම 03ක් ඇතුලත විය යුතුය)
- අනුප්‍රාප්තිකයෙකු නම් කරන දරුවාගේ උප්පැන්න සහතික වල පිටපත් හා මුල් පිටපත්
- අනුප්‍රාප්තික නම් කරන්නේ කලත්‍රයාව නම් විවාහ සහතික වල පිටපතක්
- නමේ වෙනස්කම් ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක්
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉ.කො.නි.සා 02 පිටපත් 04ක්
ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ ලබාදී ඇති දීමනාපත්‍රයක මුල් උරුමය සහතික කිරීම
ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
- ඉල්ලීම් ලිපිය
- දීමනාපත්‍රයේ පිටපත
- පත්ඉරු පිටපත (දීමනාපත්රෙය් මුල් ලියාපදිංචියේ සිට අවසානය දක්වා)
- දීමනාපත්‍රකරුගේ මරණ සහතික මුල් පිටපත
- දීමනාපත්‍රකරුගේ කලත්‍රයාගේ මරණ සහතික පිටපත
- ඉල්ලුම්කරු දීමනාපත්රකරැට ඇති ඥාතීත්වය සනාථ කිරීමේ ලේඛනය උප්පැන්න/විවාහ සහතික
- උප්පැන්න/විවාහ සහතික නොමැති අවස්ථාවල නීත්‍යානුකූල උරුමකරු බවට සනාථ කෙරෙන දිවුරුම් ප්‍රකාශ
- පසු උරුමය නම් කර ඇති අවස්ථාවල ඉ.කො. 155 ආකෘතිය
- නීත්‍යානුකූල උරුමකරු බවට සනාථ කෙරෙන දිවුරුම් ප්‍රකාශ
- ඉදිරිපත් කරන ලේඛන වල නම් වෙනසට දිවුරුම් ප්‍රකාශ
- ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත් පිටපත
- ග්‍රාම නිලධාරී සහතික කල ආකෘතිය
* සැ.යු: මරණ සහතික/උප්පැන්න සහතික නොමැති අවස්ථාවල ලේඛණ සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන සමඟ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න.
ආකෘතිපත්‍රය බාගත කරන්න ![]()
ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ ලබාදී ඇති දීමනාපත්‍රයක/බලපත්‍රයක පසු උරුමය නම්කිරීම
ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
- දීමනාපත්‍රය/පැවරුම් ඔප්පුව/මුල් උරුම ලේඛන ඡායා පිටපත්
- ඉඩමට අදාල සම්පූර්ණ පත් ඉරු නම් කරන පසු උරුමකරැවන්ගේ ජාතික හැදුනුම්පත් ඡායා පිටපත්
- පසු උරුමකරැවන්ගේ ඥාතිත්වය සනාත කිරීම සදහා උප්පැන්න සහතික /විවාහ සහතික/ඉඩම් රෙජිස්ටාර්ගෙන් ලබාගත් මුල් පිටපත්
- නම්වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ
- උපදෙස් පරිදි නිවැරදිව සම්පූර්ණ කරන ලද අනුප්‍රාප්තිය නම් කිරීමේ ආකෘති පත්‍ර
- පිඹුරක් (ප්ලෑනක්) අනුව නම් කිරීම සිදුකරන්නේ නම් එහි පිටපතක්
- ග්‍රාම නිලධාරී නිර්දේශය
* සැ.යු. :ඡායා පිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපතක් ලෙස සහතික කරවා ගෙන ඉදිරිපත් කරන්න.
ආකෘතිපත්‍රය බාගත කරන්න ![]()
ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ ලබාදී ඇති දීමනාපත්‍රයක ජීවිත භුක්තිය ඉල්ලීම
දීමනාපත්‍ර ඉඩමක ජීවිත භුක්තිය සදහා පහත සදහන් ලියවිලි සමග අදාළ ආකෘතිපත්‍ර ඉදිරිපත් කල යුතුයි.මෙම ආකෘති සම්පූර්ණ කර ගැනීමට සහ ඒ සදහා අවශ්‍ය උපදෙස් වසමේ ග්‍රාම නිලධාරී මගින් ලබාගත හැකිය.
- ජීවිත භුක්තිය ලබාගැනීම සදහා ප්‍රාදේශීය ලේකම්ගෙන් කරන ඉල්ලීම් ලිපිය ග්‍රාම නිලධාරී මගින් සහතික කර ඉදිරිපත් කල යුතුයි.
- දීමනා පත්‍රයේ ග්‍රාම නිලධාරී විසින් සහතික කල පිටපත
- දීමනාපත්රයට අදාළ පත්ඉරුවේ මුල් පිටපත ඉදිරිපත් කල යුතු අතර මෙම පත්ඉරුව දීමනාපත්‍රය අතිගරු ජනාධිපති තුමාගේ අත්සනින් යුතුව මුලින්ම ලියාපදිංචි කල දිනයේ සිට වර්ථමානයේ ලියාපදිංචිය දක්වා වූ සියලුම කාලය තුල පත්ඉරු ඉදිරිපත් කල යුතුය.
- දීමනාපත්‍රකරුගේ මරණ සහතිකයේ පිටපත
- විවාහ සහතිකය
- ජීවිත භුක්තිය ඉල්ලුම්කරුගේ ග්‍රාම නිලධාරී මගින් සහතික කල ජාතික හැදුනුම්පත් පිටපත
- උපත්,විවාහ සහ මරණ ලේඛණ ලියාපදිංචිය නොමැති අවස්ථාවල ලේඛණ සේවිමේ හිස් ප්‍රතිපල සටහන සමග විධිමත් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කල යුතුය(හිස් ප්‍රතිඵල සටහනේ එහි ඇතුලත් තොරතුරු සනාථ කිරීමට රු:50/= ක මුද්දර මත අත්සන් කල සමාදාන විනිශ්චයකාරයෙකු මගින් සහතික කල දිවුරුම් ප්‍රකාශයක් සහ ග්‍රාම නිලධාරි වාර්ථාවක් ඉදිරිපත් කල යුතුයි. ග්‍රාම නිලධාරි වාර්ථාව මෙම කොට්ඨාශයට අයත් නොවේ නම් අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් මගින් අනු අත්සන් කරවා ඉදිරිපත් කල යුතුය)
- විවාහ සහතිකය නොමැති අවස්ථාවල දරුවෙකුගේ උප්පැන්න සහතිකයක ග්‍රාම නිලධාරී සහතික කල පිටපත
- හිස් ප්‍රතිඵල සටහනේ එහි ඇතුලත් තොරතුරු සනාථ කිරීමට රු..50/= මුද්දර මත අත්සන් කල සමාදාන විනිශ්චයකාරයෙකු මගින් සහතික කල දිවුරුම් ප්‍රකාශයක් සහ ග්‍රාම නිලධාරී වාර්ථාවක් ඉදිරිපත් කල යුතුයි .(ග්‍රාම නිලධාරී වාර්ථාව මෙම කොට්ඨාශයට අයත් නොවේ නම් අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශිය ලේකම් මගින් අනු අත්සන් කරවා ඉදිරිපත් කල යුතුය)
- ඉදිරිපත් කරන ලේඛන වල සදහන් තොරතුරුවල වෙනසක් ඇත්නම් නම් වෙනස සදහා රු.50/= මුද්දරයක් මත අත්සන් කල සාමදාන විනිශ්චයකාරවරයෙකු මගින් සහතික කල දිවුරුම් ප්‍රකාශයක් සහ ග්‍රාම නිලධාරී වාර්තාවක් ඉදිරිපත් කල යුතුය.
- ජාතික හැදුනුම්පතේ ග්‍රාම නිලධාරි සහතික කල පිටපත.
ආකෘතිපත්‍රය බාගත කරන්න ![]()
දීමනාපත්රයට/පැවරුම් ඔප්පුවට අදාල ඉඩම/ඉඩමේ කොටසක් පවරාගැනීම
- ඉඩම් පැවරීම සදහා ප්‍රාදේශීය ලේකම්ගෙන් කරන ඉල්ලීම් ලිපිය ග්‍රාම නිලධාරි මගින් සහතික කර ඉදිරිපත් කළ යුතුය. සම්පූර්ණ ඉඩම පවරන්නේ නම් ඒ බවද, ඉඩමෙන් කොටසක් පවරන්නේ නම් පවරන ඉඩම් ප්‍රමාණයද ඉල්ලීම් ලිපියට ඇතුලත් කල යුතුය.
- දීමනාපත්‍රයේ ග්‍රාම නිලධාරි විසින් සහතික කල පිටපත
- දීමනාපත්රයට අදාල පත්ඉරුවේ මුල් පිටපත ඉදිරිපත් කළ යුතු අතර, පත්ඉරුව දීමනාපත්‍රය අතිගරු ජනාධිපති තුමාගේ අත්සනින් යුතුව මුලින්ම ලියාපදිංචි කල දින සිට වර්තමාන ලියාපදිංචිය දක්වා වූ සියළුම කාලය තුල පත්ඉරු විය යුතුය.
- පැවැරුම්කරුට පවරන ඉඩම හැර වෙනත් ඉඩම් තිබෙන බවට සනාථ කිරීම සදහා ඔප්පු පිටපත හා එයට අදාළ පත්ඉරුව(ඉඩමෙන් කොටසක් පවරන්නේ නම් පැවැරුම්කරුට වෙනත් ඉඩම් තිබෙන බව සනාථ කිරීම සදහා ලේඛණ ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.)
- ඉඩම පවරන්නේ ඥාතියෙකුට නම්
(දරුවෙකුට/මුණුපුරෙකුට/මිණිපිරියකට/සහෝදරයෙකුට/සහෝදරියෙකුට) ඥාතිත්වය සනාථ කිරීමට ලේඛණ ඉදිරිපත් කළ යුතුය. - ඉඩම පැවැරීම සම්බන්ධව කලත්‍රයාගේ සහ දරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි ග්‍රාම නිලධාරිමගින් සහතික කර ඉදිරිපත් කල යුතුය.
- කලත්‍රයා බව සනාථ කිරීම සදහා විවාහ සහතිකයේ මුල් පිටපතක්
දරුවන් බව සනාථ කිරීම සදහා උප්පැන්න සහතික වල මුල් පිටපත් - කැමැත්ත ප්‍රකාශිත ලිපි ඉදිරිපත් කිරීමේදී එම අය මෙම කොට්ඨාශයේ පදිංචි නොමැති නම් පදිංචි වසමේ ග්‍රාම නිලධාරි මගින් සහතික කර එම කොට්ඨාශයේ ප්‍රාදේශිය ලේකම් මගින් අනු අත්සන් කරවා ඉදිරිපත් කල යුතුය.
- කලත්‍රයා සහ දරුවන් මිය ගොස් නම් ඒ බව සනාථ කිරීමට මරණ සහතික පිටපත් ග්‍රාම නිලධාරි මගින් සහතික කර ඉදිරිපත් කළ යුතුය.
- ඉඩම නිරවුල්ව භුක්ති විදින බවට ග්‍රාම නිලධාරි මගින් සහතික කරන ලද ලිපිය.
- පැවැරුම්ලාභියාට වෙනත් ඉඩම් නොමැති බවට ලබාගත් ලිපිය(මෙම කොට්ඨාශයට අදාළ නොවේ නම් එය අදාළ කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් මගින් අනු අත්සන් කරවා ඉදිරිපත් කල යුතුය)
- ඉදිරිපත් කරන ලේඛණ වල නම් වල වෙනසක් ඇත්නම් නම් වෙනස සදහා රු:50 ක මුද්දරයක් මත අත්සන් කල සමාදාන විනිශ්චයකාරවරයෙකු මගින් සහතික කල දිවුරුම් ප්‍රකාශයක්
- උපන් විවාහ සහ මරණ ලේඛන ලියාපදිංචි වී නොමැති අවස්ථාවල ලේඛණ සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන සමග දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කල යුතුය.
- පැවැරුම්කරුගේ සහ පැවැරුම්ලාභියාගේ ජාතික හැදුනුම්පත් පිටපත් ග්‍රාම නිලධාරි මගින් සහතික කර ඉදිරිපත් කල යුතුය.
- පැවැරුම්ලාභියාට වෙනත් ඉඩම් නොමැති බවට ඔහු විසින් ප්‍රකාශිත දිවුරුම් ප්‍රකාශයක් දිවයිනටම සාමවිනිසුරුවරයෙකු මගින් සහතික කර ඉදිරිපත් කල යුතුය.
- පැවැරුම්ලාභියා ඉඩම පිහිටි වසමෙහි නොමැතිව වෙනත් වසමක පදිංචි නම් පැවැරුම්ලාභියාගේ සහ කලත්‍රයාගේ ආදායම/වෙනත් ඉඩම් නොමැති බවට පදිංචි වසමෙන් ලබාගත් ග්‍රාම නිලධාරි වාර්තා අදාළ ප්‍රාදේශීය ලේකම් මගින් අනු අත්සන් කර ඉදිරිපත් කළ යුතුය.
- පැවැරුම්ලාභියා අවිවාහක නම් දෙමාපියන්ගේ ආදායම, දෙමාපියන්ට ඇති වෙනත් ඉඩම් පිළිබද පදිංචි වසමෙන් ලබාගත් ග්‍රාම නිලධාරි වාර්තා අදාළ ප්‍රාදේශීය ලේකම් මගින් අනු අත්සන් කර ඉදිරිපත් කල යුතුය.
ආකෘතිපත්‍රය බාගත කරන්න ![]()
දීමනාපත්‍ර ඉඩමක් මුල්‍ය ආයතනයක ඇපයට තැබීමට
ඉ.සං.ආ. පනත යටතේ දීමනාපත්‍රයක් ඇපයට තැබීම සදහා පහත සදහන් ලියවිලි සමග අදාල ආකෘතිපත්‍ර ඉදිරිපත් කල යුතුයි. මෙම ආකෘති සම්පූර්ණකර ගැනීමට සහ ඒ සදහා අවශ්‍ය උපදෙස් වසමේ ග්රාමනිලධාරි මගින් ලබාගත හැකිය.
- ඇපයට තැබීම සදහා ප්‍රාදේශීය ලේකම්ගෙන් කරන ඉල්ලීම් ලිපිය ග්‍රාම නිලධාරි මගින් සහතික කර ගත යුතුය.
- දීමනාපත්‍රයේ ග්රාමනිලධාරි විසින් සහතික කල පිටපත
- හිමිකම් සහතිකයක් ඇත්නම් එහි සහතික කරන ලද පිටපත
- ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ලබාගත් පත්ඉරුව
- බැංකුවෙන් ලබාගත් ලිපිය (අනුමත මුල්‍ය ආයතනයක් විය යුතුය)
- දීමනාපත්‍රකරුගේ ජාතික හැදුණුම්පතේ ග්රාමනිලධාරි සහතික කල පිටපත
- කලත්‍රයා හා දරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත දිවුරුම්ප්රකාශ
ආකෘතිපත්‍රය බාගත කරන්න ![]()














